අස්වැසුම සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම සදහා ඔබට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ 1924 ක්‍ෂණික ඇමතුම් අංකය අමතන්න

අස්වැසුම ප්‍රතිලාභ සදහා සුදුසුකම් ලැබුවද තවමත් ගිණුමට මුදල් ලැබී නැත . එසේ වීමට හේතුව කුමක්ද ?

මේ සදහා කරුණු කිහිපයක්ම බලපානු ඇත

1- අයදුම්කරු විසින් ලබා දී ඇති තොරතුරු වැරදි සහගත වීම

2- අයදුම්කරු විසින් ව්‍යාජ තොරතුරු ලබා දී තිබීම

3- අයදුම්කරු විසින් ලබා දී ඇති තොරතුරු , බැංකු ගිණුම් තොරතුරු සමග නොගැලපීම

4- අයදුම්කරුගේ හෝ නිවසේ අනෙකුත් පුද්ගලයකුගේ ජා .හැ .අ තවත් නිවසක පැවතීම නිසා ස්ථාන 02 ක එකම ජා .හැ .අ පැවතීම (NIC Duplicate)

5- තාක්ෂණික ගැටළුවක්

ඉහතින් සදහන් කල කරුණු පද්ධතිය සමග සහ ගිණුම් හිමියාට අදාළ බැංකුව ඔස්සේ සහ අයදුම්කරුට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔස්සේ නිවැරදි කර එය පද්ධතිය යාවත්කාලින කලයුතුය. ඉන් අනතුරුව ගිණුමට අදාල මුදල් ගිණුම් ගතවනු ඇත.