මහලේකම් කාර්යාලය ,කොළඹ 01
+(94)11-2484600(4117)
info@iwms.wbb.gov.lk
ක්ෂණික ඇමතුම් : 1924
English
தமிழ்
Toggle navigation
ප්‍රධාන පිටුව
අප ගැන
හැදින්වීම
දැක්ම සහ මෙහෙවර
සුභසාධන ප්‍රතිලාබ මණ්ඩල සංයුතිය
සුබසාධන ප්රතිලාභ වැඩසටහන්
පාර්ශවකරුවන්
මාධ්‍ය කවුළුව
වීඩියෝ ගැලරිය
ඡායාරූප පෙළ
ප්‍රකාශන
ප්‍රසිද්ධ කිරීම්
අපව අමතන්න
අපව අමතන්න
බාගත කිරීම්
සහනාධාර අයදුම් කිරීමේ ඉල්ලුම්පත
(අයදුම්පත පිරවීම් සහාය සදහා මාධ්‍ය කවුළුවේ වීඩියෝ ගැලරිය වෙත පිවිසෙන්න)
සහනාධාර අයදුම් කිරීම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ
කාර්ය භාරය
සුබසාධක තොරතුරු ලියාපදිංචි කිරීම සම්බන්ද කළමණාකරන
සහකාර නිලධාරීන්ගේ කාර්ය භාරය
මහජන අදහස්
විශේෂ දැන්වීම් / මහජන පැමිණිලි
×
ගරු. මුදල් අමාත්‍ය තුමන්ගේ පණිවිඩය
සුබපැතුම් පණිවුඩය
සමස්තයක් ලෙස ගත් කළ ශ්‍රී ලාංකික ජනතාව පසු කරමින් සිටින්නේ තරමක් අසීරු කාල සීමාවකි. විශේෂයෙන් අඩු ආදායම් ලබන ජනතාව,මේ අවස්ථාවේ ආර්ථික ගැටලු බොහොමයකට මුහුණ දී සිටින බව අප දනිමු. මෙම ජනතාවට අස්වැසිල්ලක් ලබා දීම වෙනුවෙන් 2022 අතුරු අය වැය මගින් රජය නව සුබසාධන වැඩසටහන් රුසක් ක්‍රියාවට නංවා තිබේ.
සුබසාධන ප්රතිලාභ මණ්ඩලය යළි සක්‍රීය කෙරෙන්නේ ද ඒ අනුවය. සුබසාධන ප්රතිලාභ පනත (Welfare Benefits Act) 2002 දී නීතියක් බවට පත්වුවද එය මෙතෙක් රට තුළ නිසි ලෙස ක්‍රියාත්මක නොවීය.කෙසේ වුවද රජයේ සුබසාධන වැඩසටහන්, සුබසාධන ප්රතිලාභ මණ්ඩලය මගින් දැන් වඩාත් හොඳින් ඉලක්ක කරමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
අපක්ෂපාතී සහ තහවුරු කළ හැකි නිර්ණායක මගින් ප්‍රතිලාභීන් හඳුනාගැනීම සඳහා නව යාන්ත්‍රණයක් ද ස්ථාපනය කර තිබෙන අතර එය විනිවිදභාවයෙන් යුතු නීති සහ පද්ධති ක්‍රියාත්මක වන බවට සහතික කරනු ඇත.
ොරතුරු තාක්ෂණය සමග ඒකාබද්ධ වූ රාජ්‍ය සුබසාධන සංකල්පය මගින් කාර්යක්ෂම සේවාවක් ඉලක්කගත ප්‍රජාවට ලබාදීමට අවස්ථාව සැළසෙනු ඇති අතර මෙම නව වැඩසටහනට මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමමි.
රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
මුදල්,ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය
×
කොමසාරිස්ගේ පණිවිඩය
“අවැසි තැන අස්වැසුම” සදන්නයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය
යහපත් ජීවන තත්වයන් පවත්වා ගෙන යෑමට නොහැකි අග හිගකම් සහිත අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සුබසාධක ප්රතිලාභ වැඩසටහන් බොහොමයක් දශක ගණනක් තිස්සේ ක්‍රියාත්මක කරන සුබසාධන රාජ්‍යයකි ශ්‍රී ලංකාව.
මෙම වැඩසටහන් සඳහා අවශ්‍ය අරමුදල් සපයනු ලබන්නේ බදු ගෙවන්නන් විසිනි. එහෙයින් එවැනි වැඩසටහන් ඉතා කාර්යක්ෂම ලෙස හා ඵලදායි ලෙස ක්‍රියාත්මක වීම සහතික කරලීමද රජයේ වගකීමකි. මෙනයින් ගත් කල 2002 අංක 24 දරණ සුබසාධක ප්රතිලාභ පනත හා ඒ යටතේ පිහිටුවා ඇති සුබසාධක ප්රතිලාභ මණ්ඩලය අවුරුදු විස්සක් තිස්සේ කළ යුතුව තිබූ එහෙත් කුමන හෝ හේතුන් නිසා සාධනය කර ගැනීමට නොහැකිවූ “සමාජ ලේඛනය නොහොත් ඒකාබද්ධ සුබසාධක ප්රතිලාභ දත්ත පද්ධතිය” නිර්මණය කිරීමේ මුල් පියවර ලෙස නිර්ණායක පදනම් කරගත් හා විනිවිදභාවයෙන් තේරීම් ක්‍රියාවලියක් යටතේ සියලු සුබසාධක සහනාධාර ප්රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන්ගේ හඳුනා ගැනීමේ ප්රයත්නයකට අතගසා තිබේ. මෙම ප්රයත්නය රටේ ක්‍රියාත්මක විවිධ සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයන් ප්‍රතිසංස්කරණය කරන, ශක්තිමත් කරන හා නවීනත්වයට පත් කරන සුළු එකකි. මෙලෙස ප්රතිලාභ ලබන්නන්ගේ සුරක්ෂිතභාවය සහතික කරන කාර්යක්ෂම හා ඵලදායී දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමෙහි ලා කරන මෙහෙවරකම යෙදෙන්නන්ට හා නිරතවන්නන්ට ලැබීමද සතුටට කරුණකි. ඒ කෙසේ වුවද මෙලෙස අවැසි තැන අස්වැසුම සදන්නට සුබසාධක ප්රතිලාභ මණ්ඩලයට හැකිවන්නේ හදුනාගැනීමේ ක්‍රියාවලියේදී පුද්ගලයින් හා පවුල් වල තොරතුරු ඉතා නිවැරදිව හා සත්‍ය ලෙස සැපයීමෙන් හා ලබාගැනීමෙන් වන හෙයින් ඒ සඳහා අනලස්ව හා කැපවීමෙන් යුතුව සිය යුතුකම් හා වගකීමේන් ඉටුකරන ලෙස මම සියලු දෙනාගෙන්ම ඉතා කාරුණිකව ඉල්ලා සිටීමි.
සුබසාධක ප්රතිලාභ ලැබීමට සුදුසු තැනැත්තන් හදුනා ගැනීම - 2022 වැඩසටහන සර්වප්රකාරයෙන් සාර්ථක වේවා!
බි.විජයරත්න
සභාපති / කොමසාරිස්
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය
මුදල්,ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය
×
ලේකම්ගේ පණිවිඩය
ශ්‍රී ලංකාව තුල සමාජ ආරක්ෂක රාශියක් ක්‍රියාත්මක වේ. ඒවා සමාජ සේවා, සෞඛ්‍යය හා පෝෂණ ,අධ්‍යාපන ,කෘෂිකර්ම යන ක්ෂේත්රයන් ඔස්සේ පෙළගැසී තිබේ.මෙම සෑම යෝජනා ක්‍රමයක්ම පරමාර්ථය වන්නේ අඩු අදායම්ලාභී පවුල්වලට වඩා හොද ජිවන තත්වයක් සහතික කිරීමයි.මෙම සියලුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයන් වෙනුවෙන් රජය වසරකට රුපියල් බිලියන 200ක පමණ ප්‍රමාණයක් වැය කරයි.
සමෘද්ධි සහනාධාර, වැඩිහිටි තැනැත්තන් සදහා වූ දීමනාව , වකුගඩු රෝගීන් සදහා වූ දීමනාව , මහජන ආධාර සහ අබාධිත තැනැත්තන් සදහා වූ දීමනාව යන යෝජනා ක්රමයන් , මුල් අදියරේදී 2002 අංක 24 යන සුබ සාධක ප්‍රතිලාබ පනත යටතේ පිහිටුවා ඇති සුබසාධක ප්‍රතිලාබ පනත යටතේ ක්‍රියාත්මක කරනු වස් සුදුසුකම් ලබන තැන්ත්තන් නැවත හදුනා ගැනීම සදහා මේ වනවිට අයදුම්පත් කැදවා තිබේ.දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන්ගේ පුද්ගලික ජංගම දුරකථන පාවිච්චි කරමින් දත්ත රැස් කිරීමට පෙර නොවූ විරු තත්වයක් පත්වියයුතු මෙන්ම ප්රසන්සාවටද පත් විය යුතු කරුණකි.
අප රට ආර්ථික වශයෙන් අසීරු තාවයන්ට මුහුණ ඉ ඇති මේ අවස්ථාවේ අඩු අදායම් ලාබී පවුල් කේන්ද්‍ර කොට ගනිමින් ප්‍රතිලාබ සැලසීමට ගනු ලබන මේ ප්රයත්නය සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි මා එක සිතින් ප්‍රර්ථනා කරමි
මහින්ද සිරිවර්ධන
ලේකම්
මුදල්,ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය
ගැලරිය
සුබසාධක ප්රතිලාභ පිළිබද තොරතුරු විමසීම සදහා නිවෙස් වෙත පැමිණීම පිළිබද දැනුවත් කිරීම
මාධ්‍ය සංවාදය - ශ්‍රී ලංකාව IMF හි සියලු යෝජනා
සුබසාධක ප්රතිලාභ මණ්ඩල නිළ වෙබ් අඩවිය විවෘත කිරීම
සහනාධාර අයදුම් පත්‍රය පිරවියයුතු ආකාරය